Where the Life Meets Cricket

info@cricketlk.com

"ටෙස්ට් ක්‍රීඩාවේදී ලොකු රටවල් හෝ පොඩි රටවල් ලෙස නෑ"

එංගලන්තයේ එක් ටෙස්ට් තරගයක් ලබාදෙන තීරණය ට ඇන්ජලෝ මැතිව්ස් ගෙන් විරෝධය
===========================================
“අපි කිසිවෙකු සමඟ තනි ටෙස්ට් තරගයකට පමණක් ක්රීඩා නොකළ යුතුයි.”
 
ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් වරක් ටෙස්ට් ක්රීඩා කිරීම දිගටම කරගෙන යාමේ යෝජනා ඇන්ජලෝ මැතිව්ස් විවේචනය කර ඇති අතර, සියලුම ටෙස්ට් ජාතීන්ට සමානව සැලකිය යුතු බව පවසයි.
 
“එකම ශූරතා චක්රය තුළ එක් කණ්ඩායමක් තරඟ 20 ක් ක්රීඩා කරන අතර තවත් කණ්ඩායමක් තරඟ 10 ක් ක්රීඩා කළ නොහැක,” X ගිණුමේ සටහනක් තබනින් ඔහු පැවසීය.
 
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ සිදු කරන ටෙස්ට් තරග සංචාරවලදී එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

සිය රටේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලි සදහා තරග 5ක් ඇතුළත් කරමින් ක්‍රීඩා කිරීමට එංගලන්තයේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි The Guardian වාර්තා කර ඇත්තේ.

2027 වසරේ සිට ආරම්භ වන මීළග ලෝක ටෙස්ට් ශූරතාවලියට (WTC) ටෙස්ට් රටවල් 12 ම ඇතුළත් කිරීමට අයි.සී.සීයේ අවධානය යොමුව ඇති අතර, ඒ අනුව WTC යටතේ පැවැත්වෙන එක් ටෙස්ට් තරගාවලියක් සදහා එක් ටෙස්ට් තරගයක් පමණක් ඇතුළත් කරමින් තරගාවලි සංවිධාන කිරීමට ද අවසර හිමි වනු ඇති.

මේ වන විට පවතින නීතිය අනුව එක් ටෙස්ට් තරගාවලියක් සදහා අවම වශයෙන් ටෙස්ට් තරග දෙකක් පැවැත්විය යුතුයි.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත මෙම සංශෝදනයත් සමග ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ සිදු කරන සංචාරවලදී එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමටත්, සීමිත පන්දුවාර තරග වැඩි වශයෙන් ක්‍රීඩා කිරීමටත් එංගලන්තයේ අවධානය යොමුව තිබෙනවා.

සත්කාරක ක්‍රිකට් ආයතනයට වැඩි ආදායමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමද මෙම  තීරණයේ එක් අරමුණක්.

කෙසේ වෙතත්, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරග 5 කින් යුත් තරගාවලි සංවිධාන කිරීමට මේ වන විටත් සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *