Where the Life Meets Cricket

info@cricketlk.com

ජැෆ්නා හිමිකරු අත්අඩංගුවට ගැනීම ගැන පැහැදිලි කිරීමක්

LPL තරගාවලියේ ‘ජැෆ්නා කිංග්ස්’ හිමිකරු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක් සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය පවසයි.

 

අදාළ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින්, ක්‍රිකට් ආයතනය අද (17) පස්වරුවේ නිකුත්කළ නිවේදනයේ මේ බව දැක්වේ.

 

මෙම අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ පළවන වාර්තා ගැන තම අවධානය යොමුව ඇති බවත්, ඒ සඳහා තම ආයතනය මෙන්ම LPL සංවිධායක මණ්ඩලය උපරිම සහයෝගය ලබාදෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ, තරගාවලියේ අඛණ්ඩතාව සහ ගෞරවය ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවය. 

 

ඒ හේතුවෙන් තරගාවලියට සම්බන්ධ කිසිදු පාර්ශවයකින් සිදුවන දූෂණ, විෂමාචාර හෝ අනිසි ක්‍රියාවන් කිසිසේත්ම අනුමත නොකරන බව පවසයි.

 

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් තරගාවලියට කිසිදු බාධාවක් සිදු නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

ඒ අනුව අද (17) රාත්‍රියේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත Galle Gallants – Jaffna Kings තරගය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.

 

තරගාවලිය ඉහළම සදාචාරාත්මක සහ අඛණ්ඩතා ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සමග සමීපව කටයුතු කරන බවත් නිවේදනයේ දැක්වේ.

 

වඩාත් විනිවිදභාවයෙන් යුත් දූෂණයෙන් තොර වටපිටාවක් සහතික කිරීම වෙනුවෙන් ස්වාධීන සංවිධානයක විශේෂඥ සහය ද මෙවර තරගාවලිය පුරා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *