Where the Life Meets Cricket

info@cricketlk.com

චමරි ගෙන් වාර්තාගත ශ්‍රේණිගත කිරීම්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC කාන්තා T20I ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල තම ක්‍රිකට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම් තුනම ලබාගැනීමට සමත්ව තිබෙනවා. 🔥👏


ආසියානු කුසලාන තරගාවලියේදී UAE කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයේදී චමරි කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වූවා.

 

පන්දුවෙන් එක් වැදගත් කඩුල්ලක් දවාගත් ඇය, පිත්තෙන් නොදැවී ලකුණු 48ක් ලබාගත්තා. 💪🏏


📊 නවතම ICC ශ්‍රේණිගත කිරීම් අනුව,
🥇 T20I පිතිකාරිනියන් අතර – 6 වැනි ස්ථානය
🎯 T20I පන්දු යවන්නියන් අතර – 33 වැනි ස්ථානය
⭐ T20I තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර – 3 වැනි ස්ථානය


ඒ අනුව මෙම කාණ්ඩ තුනෙන්ම ඇය ලබාගෙන ඇත්තේ තම වෘත්තීය දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම් වීම විශේෂත්වයක්. 🇱🇰🔥


මේ දක්ෂතාවයට පෙර පැවති T20 ලෝක කුසලාන තරගාවලියේදීත් චමරි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 172ක් සහ කඩුලු 3ක් ලබාගෙන තිබුණා. 👏
තවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුත් නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. 📈


🔹 ඉමේෂා දුලානි – ස්ථාන 4ක් ඉදිරියට පැමිණ 18 වැනි ස්ථානයට
🔹 හර්ෂිතා සමරවික්‍රම – එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 23 වැනි ස්ථානයට
🔹 සුගන්ධිකා කුමාරි – ස්ථාන 5ක් ඉදිරියට පැමිණ 23 වැනි ස්ථානයට 🎯
🇱🇰❤️

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ICC ශ්‍රේණිගත කිරීම්වලත් ඉහළට! 🔥🏏

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *