Where the Life Meets Cricket

info@cricketlk.com

කාන්තා ලෝක කුසලානයේ මුදල් ලැයිස්තුව

2025 පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ලැයිස්තුව නිල වශයෙන් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව, මෙවර තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 13.88 ක් ලෙසයි.

එය පසුගිය තරගාවලියට සාපේක්ෂව සියයට 297 ක වැඩිවීමක්.

තරගාවලියේ ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 4.48 ක් සහ අනුශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 2.24 ක ත්‍යාග මුදල් මෙවර තරගාවලියේදී හිමිවනවා.

එමෙන්ම, අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන 1.12 ක ත්‍යාග මුදලක් හිමි වන බවයි දැක්වෙන්නේ.

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 05 වන සහ 06 වන ස්ථාන දිනාගන්නා කණ්ඩායම්වලට ද ඩොලර් 700,000 ක ත්‍යාග මුදලක් පිරිනැමීමටයි සැලසුම් කර ඇත්තේ.

තරගාවලියේ 7 වන සහ 8 වන ස්ථානවල රැදී සිටින කණ්ඩායම් සඳහාද ඩොලර් 280,000 ක මුදලක් හිමි වනවා.

ඊට අමතරව Group Stage තරග වටයේ එක් තරග ජයග්‍රහණයක් සඳහා ඩොලර් 34,314 ක ත්‍යාග මුදලක් ද ජයග්‍රාහී කණ්ඩායම්වලට හිමි වීම ද කැපී පෙනෙනවා.

Share This Post

Post a comment

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More