Where the Life Meets Cricket

info@cricketlk.com

එක්දින පිතිකරුවන් අතර පවන් ස්ථාන 20කින් ඉදිරියට

ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු පවන් රත්නායක 16වැනි ස්ථානය දක්වා ස්ථාන 20කින් ඉදිරියට පැමිණ තිබේ.

 

පාකිස්තානයේ පැවති තුන්කොන් සටනේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 36වැනි ස්ථානයේ සිට ඔහුට මෙලෙස ඉදිරියට පැමිණ ඇත.

 

එම තරගාවලියේදී තරග 5කදී පවන් ශතක 2ක් හා අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 427ක් රැස්කිරීමට සමත් විය. එය එම තරගාවලියේ පිතිකරුවෙකු දැක්වූ ඉහළම හා ලකුණු 400 සීමාව පසුකළ එකම අවස්ථාවද විය.

 

පවන්ට ඉදිරියෙන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා නායක කුසල් මෙන්ඩිස් වන අතර, ඔහු 12වැනි ස්ථානය තවමත් රැකගෙන සිටී.

 

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය නායක ශුම්මන් ගිල් තවමත් ලොව අංක එකේ එක්දින පිතිකරුවා වන අතර, ඔහුට පසුපසින් නවසීලනතයේ ඩැරිල් මිචෙල් පසුවෙයි.

 

විරාට් කෝලිට තෙවැනි ස්ථානය හිමිව තිබේ.

 

මේ අතර 14වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටි ජනිත් ලියනගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 18වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

 

ඔහු තුන්කොන් සටනේ අවසන් තරග දෙකේදී අසාර්ථක වූ හෙයින් එලෙස පසුබැස තිබේ.
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *