
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ටෙස්ට් තරග දෙකම නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය නිවේදනය කර තිබෙනවා.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට Gate අංක 4 හරහා නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළු විය හැකි බව SLC සඳහන් කරනවා.
ඒ වගේම, කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා Gate අංක 3, 4, 5 සහ 7 හරහා ප්‍රේක්ෂකයන්ට නොමිලේ ඇතුළුවීමේ පහසුකම් සලසා තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් අපේක්ෂා කරන අතර, ක්‍රීඩාංගණයට පැමිණ කණ්ඩායමට සහයෝගය දක්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.
