Where the Life Meets Cricket

info@cricketlk.com

අපේ සිංහයන් ශ්‍රේණිගත කිරීම්වල දැවැන්ත ඉදිරි පිම්මක

ශ්‍රී ලංකා පිතිකරු ජනිත් ලියනගේ ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දැවැන්ත ඉදිරි ගමනක් සනිටුහන් කරමින් පළමු 20 දෙනා අතරට පැමිණීමට සමත් වී තිබෙනවා. 
 
ඔහු පසුවන්නේ 14 වන ස්ථානයේයි.
 
විශේෂත්වය වන්නේ ජනිත් ලියනගේ සිය එක්දින ක්‍රිකට් දිවියේ පළමු වරට මෙම ස්ථානයට පැමිණීමයි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ නැගී එන පිතිකරු පවන් රත්නායක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 39ක දැවැන්ත ඉදිරි පිම්මක් ලබාගෙන තිබෙනවා. 
 
ඔහු පසුවන්නේ 36 වන ස්ථානයේයි.
 
එංගලන්තයට එරෙහිව ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට පවන්ගෙන් ලැබුණු දායකත්වය විශේෂයෙන් කැපී පෙනුණා.
 
පන්දු 106කදී ලකුණු 130ක් රැස් කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළ පවන්, ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නැංවීමට සමත් වුණා. 
 
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුසංක සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ස්ථාන හිමිකරගෙන තිබෙනවා. 🇱🇰❤️
 
🎯 දිල්ශාන් මදුසංක – 37 වැනි ස්ථානය
🔥 දුනිත් වෙල්ලාලගේ – 19 වැනි ස්ථානය
 
👏 පාකිස්තානයට එරෙහි තීරණාත්මක තරගයේදී ලකුණු 34කට කඩුලු 5ක් දවාගනිමින් තරගයේ වීරයා වූ දිල්ශාන් මදුසංකගේ දක්ෂතා මේ වන විටත් කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *