Where the Life Meets Cricket

info@cricketlk.com

සූර්යවංශිගේ දෙමව්පියන්ගේ වියදම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දරන්න යයි

ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සහ අයර්ලන්ත තරග සංචාරයට එක්වන යොවුන් ක්රීඩක වෛබව් සූර්යවංශිගේ දෙමව්පියන්ගේ වියදම් පවා දැරීමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. 
 
එහි ලේකම් දේවජිත් සයිකියා සඳහන් කලේ “ජ්යෙෂ්ඨ මට්ටමේ සියලුම ජාතික කණ්ඩායම්වල සංචිතයේ අවුරුදු 14ක් හෝ 15ක් වයසැති දරුවෙකු ඇතුළත් වන්නේ දශක ගණනාවකට පසුව බවයි”.
 
15 හැවිරිදි සූර්යවංශි ට ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා ඔහුගේ දෙමව්පියන්ටද මෙම සංචාරයට එක්වීමට පසුගියදා අවසර හිමිවුණා.
 
කණ්ඩායමේ සියලුම සාමාජිකයන් මෙන්ම කාර්ය මණ්ඩලයද වැඩිහිටියන් බැවින් ඔහුට අපහසුතාවයක් ඇති නොවීම පිණිස මෙම තීරණය ගත් බවද සයිකියා වැඩිදුරටත් කියාසිටියා.
 
15 වැනි වියේ පසුවන දරුවකු වන සූර්යවංශි වඩාත් සාර්ථක ලෙස එම තරගාවලියට සහභාගී කරවීමට සහ වැඩිහිටි ක්රීඩකයින් සමග කටයුතු කිරීම හුරු කිරීමට මෙම පියවර ගෙන ඇතැයි ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ඉන්දීය ඒ කණ්ඩායම සමග මේ දිනවල ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන සූර්යවංශි, ඉන්දීය ජාතික සංචිතයට පළමු වරට කැඳවූයේ ඉදිරි අයර්ලන්ත සංචාරය වෙනුවෙන්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *