(List-A) ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ ලෝක වාර්තාව අද දඹුල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේදී අලුත් වුණා.
ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී, ඉන්දීය යොවුන් ආරම්භක පිතිකරු වෛභව් සූර්යවංශි (Vaibhav Sooryavanshi) ශ්රී ලංකා පන්දු යවන්නන්ව අසරණ කරමින් පන්දු 11 කින් පමණක් සිය අර්ධ ශතකය (50) සම්පූර්ණ කිරීමට සමත් වුණා.
එදා සුපිරි පන්දුවාරයේදී ශ්රී ලංකා ‘A’ ක්රීඩකයින් සහ ඔහු අතර ඇති වූ සිදුවීමට ඔහු ලබා දුන් අතිවිශිෂ්ට පිළිතුර වූයේ හයේ පහරවල් 5ක් සහ හතරේ පහරවල් 5ක් සමඟින් පන්දු 11කින් වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමයි.
මෙය ක්රිකට් ඉතිහාසය අලුතින් ලියූ ඉනිමකි. එය ‘ලිස්ට් ඒ’ (List A) ක්රිකට් ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය බවට පත් විය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ කෞශල්ය වීරරත්නය.
2005/06 වසරේදී කුරුණෑගල ක්රිකට් සමාජයට එරෙහිව පන්දු 12කින් අර්ධ ශතකයක් ලබාගනිමින් ඔහු තබා තිබූ ඒ වසර 20ක් පැරණි වාර්තාව, වයිභව් විසින් මෙලෙස පන්දු 11කින් බිඳ හෙළනු ලැබීය.
විස්සයි විස්ස ක්රිකට් ඉතිහාසයේ පවා වේගවත්ම අර්ධ ශතකය වාර්තා වන්නේ පන්දු 12කිනි. එම සීමාවද ඔහු මෙම ඉනිම හරහා අතික්රමණය කළේය.
පන්දු 29ක් තුළ ලකුණු 94ක් රැස් කරමින් ඔහු දියත් කළ ඒ අතිවිශිෂ්ට ඉනිම, තවත් එක් දැවැන්ත ලෝක වාර්තාවක් අබියස, එනම් ‘ලිස්ට් ඒ’ (List A) ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමේ අවස්ථාව ඔහුට ලකුණු 6කින් අහිමි වී ගියේය.
වයස අවුරුදු 15ක් වන විටත් ඔහු ක්රිකට් පිටියේ දැවැන්ත කඩඉම් රැසක් පසුකර අවසන්ය:
01) රන්ජි කුසලාන (Ranji Trophy) ඉතිහාසයේ තරගාවලියට පිවිසි ළාබාලතම ක්රීඩකයා (වයස අවුරුදු 12දී).
02) ඕස්ට්රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 58කින් ලබාගත් වේගවත් ශතකය.
03) 2026 අයි.පී.එල්. (IPL) තරගාවලිය තුළ 237.31ක අතිවිශිෂ්ට ප්රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 776ක් රැස් කිරීම.
පහතින් ඇත්තේ වයිබව් සූර්යවංශි විසින් knockout තරගවලදී මෙතෙක් දැක්වූ දස්කම් :
68 (33) vs AFG in U19 WC Semifinal
175 (80) vs ENG in U19 WC final
97 (29) vs SRH in Eliminator
96 (47) vs GT in Qualifier 2
94 (29) vs Sri Lanka A in Tri-Series Final
මීට පෙර පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයේදීද ඔහු මෙවැනිම සුවිශේෂී ඉනිමක් දියත් කරමින් සිය දක්ෂතාවය ලෝකයට පෙන්නුම් කළේය.
වයස අවුරුදු 15දී ඔහු පෙන්වන මෙම විශ්මයජනක පරිණතභාවය සැබවින්ම අසාමාන්ය වන අතර, ඔහු මේ වන විටත් ක්රිකට් ලෝකයේ සහතික කළ සුපිරි තරුවක් බවට පත්වී හමාරය.
