ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන ගැටලු විසඳීමට නම්, පරිපාලන මට්ටමේ වෙනස්කම් පමණක් ප්‍රමාණවත් නොවන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.
මාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් සංචිතයේ සිටින ඇතැම් ක්‍රීඩකයන් අවශ්‍ය මට්ටමේ ප්රමිතීන් සපුරා නොමැති බවයි.
ඔහු අවධාරණය කළේ, ශක්තිමත් කමිටු පත් කිරීමෙන් හෝ හොඳ සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැගිය නොහැකි බවයි.

“හොඳ ක්
රිකට් ක්
රීඩකයන් නොමැතිව අපට ක්
රීඩාව ඉදිරියට ගෙන යා නොහැක. අපගේ අවධානය පහළ මට්ටමේ සිට ක්
රීඩකයන් සංවර්ධනය කිරීම කෙරෙහි යොමු විය යුතුයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ඒ අනුව පාසල් හා දිස්ත්‍රික් මට්ටමේ සිටම ක්‍රීඩකයන් හඳුනාගෙන සංවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩසටහනක් අවශ්‍ය බ* අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ශ්
රී ලංකා ක්
රිකට් ක්
රීඩාව යළිත් ජාත්
යන්තර මට්ටමේ තරගකාරී තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගුකාලීන හා ක්
රමවත් ප්
රතිසංස්කරණ අවශ්
ය බවද ඔහු අවධාරණය කළේය.