කොදෙව්වන් වසර 23 කට පසු ශ්රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සමත් වුණා.
ඒ දෙරට අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන්.
ලකුණු 302ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් 5වන දිනය අවසන් වනවිට කිසිවෙකු නොදැවී ලබා සිටි ලකුණු ගණන 109 ක්.
කොදෙව්වන් අවසන් වරට ශ්රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගෙන තිබෙන්නේ 2003 වසරේදී.
ඇන්ටිගුවාහ්දී පැවති තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය ප්රථම ඉනිමට කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු ගණන 549ක්.
සුපිරි ඉනිමක් ක්රීඩා කළ ලහිරු උදාර ලකුණු 188ක් ලබා ගත්තා. සොනාල් දිනූෂ ලකුණු 92යි.
පිළිතුරු ලෙස සිය දෙවන ඉනිම ක්රීඩා කළ කොදෙව්වන් ලකුණු 499ක් ලබා ගත්තා.
ශායි හෝප් ලකුණු 112ක් සහ Justin Greaves ලකුණු 180ක් ලබා ගත්තා. අසිත ප්රනාන්දු කඩුලු 5ක් සහ ප්රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගත්තා.
ඒ අනුව ඵෙතිහාසික සෝබර්ස් – තිසේරා ටෙස්ට් කුසලානය දිනා ගැනීමට කොදෙව්වන් සමත් වුණා.
ඒ සමගම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්රී ලංකාව ප්රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයේ රැඳී සිටින අතර කොදෙව්වන් 8වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
ශ්රී ලංකාවට මීළඟ ටෙස්ට් තරගාවලිය තියෙන්නේ ඉන්දියාව සමගයි.
