
බංග්ලාදේශය පරාජය කරමින් අද (03) ශ්රී ලංකා කණ්ඩායම ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් පිරිමි තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා.
2014 වසරේදී රන් පදක්කම දිනාගැනීමෙන් පසුව, ආසියානු ක්රීඩා උළෙලක ක්රිකට් පිරිමි ඉසව්වකදී ශ්රී ලංකාව පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි.
ඒ වගේම ශ්රී ලංකාව ආසියානු ක්රීඩා උළෙලක ක්රිකට් පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු අවස්ථාවත් මෙය වීම විශේෂත්වයක්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේය.
ඒ අනුව හිමි වූ ලකුණු 166ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 102ක් පමණි.
මෙය මෙවර ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව දිනාගත් තෙවන පදක්කම වන අතර, මේ වන විට ශ්රී ලංකාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනාගැනීමට සමත්ව සිටියි.
