Where the Life Meets Cricket

info@cricketlk.com

පැතුම් නිශ්ශංකට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

පාකිස්ථානයට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වී තිබෙනවා.
 
ඒ, ඔහුගේ පාදයේ ආබාධ තත්ත්වය තවමත් පූර්ණ සුවය ලබා නොමැති වීම හේතුවෙන්.
 
පැතුම් නිස්සංක වෙනුවට ටෙස්ට් සංචිතයෙන් මුලින් ඉවත් කර තිබූ ආරම්භක පිතිකරු ලහිරු උදාර යළි ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.
 
මේ වනවිටත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සමග පකිස්ථානයේ රැඳී සිටින ලහිරු උදාර, ටෙස්ට් සංචිතය සමග එක්වීමට නියමිතයි.
 
පැතුම් නිස්සංක වැනි ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අභියෝගයක් වුවත් ලහිරු උදාරටත් පිතිකරණයේ දක්ෂතා ඇති නිසා පකිස්ථානයට දැඩි අභියෝගයක් එල්ල කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තිබෙනවා.
 
පැතුම් නිස්සංක වෙනුවට කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයට කැඳවූ අවස්ථාවේදී ලහිරු උදාර ලකුණු 188ක් ලබා ගනිමින් සුවිශේෂී ඉනිමක් එදා ක්‍රීඩා
කළා. එය ලහිරුගේ හොඳම ටෙස්ට් ඉනිමයි.
 
🇱🇰 නව ශ්‍රී ලංකා සංචිතය
 
1. ලහිරු උදාර
2. පසිඳු සූරියබණ්ඩාර
3. දිනේෂ් චන්දිමාල්
4. කමිඳු මෙන්ඩිස්
5. සොනාල් දිනූෂ
6. කුසල් මෙන්ඩිස් (නායක)
7. ධනංජය ද සිල්වා
8. අංජල බණ්ඩාර
9. කේෂර නුවන්ත
10. ප්‍රභාත් ජයසූරිය
11. මිලාන් රත්නායක
12. ළහිරු කුමාර
13. අසිත ප්‍රනාන්දු
14. දිල්ෂාන් මධුශංක
15. ඒෂාන් මාලිංග
 
2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලිය නොවැම්බර් 9 වැනිදා රාවල්පිණ්ඩිහිදී ආරම්භ වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගය නොවැම්බර් 17 වැනිදා ලාහෝර්හිදී ආරම්භ වනවා.
 
ඒ වගේම, මෙම තරගාවලිය කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ නායකයා බවට පත් වීමෙන් පසු ඔහු යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලියයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *