Where the Life Meets Cricket

info@cricketlk.com

පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට

කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ Group A අවසන් තරගයෙන් Hong Kong Women කණ්ඩායම ලකුණු 72කින් පරාජය කිරීමට Pakistan Women කණ්ඩායම සමත් වුණා.

 

ඒ අනුව Group A හි දෙවැනි ස්ථානය හිමිකරගත් Pakistan කණ්ඩායම, මේ සිකුරාදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී Sri Lanka Women කණ්ඩායමට මුහුණ දීමට නියමිතයි. 🇱🇰🔥
🏏 Pakistan – 143/8 (20)


Shawaal Zulfiqar පන්දු 35කදී ලකුණු 47ක් රැස් කරමින් Pakistan ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා.


Ayesha Zafar ලකුණු 26ක් සහ නායිකා Fatima Sana ලකුණු 24ක් රැස් කරමින් Pakistan ලකුණු 143ක් දක්වා රැගෙන යාමට දායක වුණා.


🇭🇰 Hong Kong – 71 all out (19)


ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය Hong Kong කණ්ඩායමට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 71ක් පමණයි.


🎯 Nashra Sandhuගෙන් ඉතිහාසගත දක්ෂතාවක්!

 


Nashra Sandhu පන්දුවාර 4කදී ලකුණු 7ක් පමණක් ලබාදී කඩුලු 6ක් දවාගත්තා.


6/7 ලෙස සටහන් වූ එම පන්දු යැවීම, කාන්තා T20I තරගයකදී Pakistan පන්දු යවන්නියක් ලබාගත් පළමු කඩුලු 6 දවාගැනීම ලෙස ඉතිහාසයට එක්වුණා. 🔥


Hong Kong වෙනුවෙන් Joyleen Kaur ලකුණු 19කට කඩුලු 4ක් දවාගනිමින් career-best පන්දු යැවීමක් වාර්තා කළත්, එය Pakistan ජයග්රහණය වැළැක්වීමට ප්රමාණවත් වූයේ නැහැ.


🏆 Pakistan – 143/8
🏏 Hong Kong – 71 all out
🔥 Pakistan ජය – ලකුණු 72කින්
⭐ Shawaal Zulfiqar – 47 (35)
🎯 Nashra Sandhu – 6/7

 

කාන්තා ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයේදී ශ්රී ලංකාව සහ Pakistan එකිනෙකාට එරෙහිව තීරණාත්මක සටනකට සූදානම්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *