Where the Life Meets Cricket

info@cricketlk.com

දික්වැල්ල නැවත එද්දි හේමන්තට ජාතික කණ්ඩායමේ දොරටුව වැසෙයි??

ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් 2026 – 27 කාලසීමවට අදාළව ක්රීඩකයන් 46 දෙනෙක් වාර්ෂික ක්රීඩක කොන්ත්රාත් ලැයිස්තුවට මෙවර ඇතුළත් කර ඇති බවට මාධ්ය වාර්තා පළවනවා.
 
එම ලැයිස්තුවට ඇතුළත් ක්රීඩකයන් A1 – A2 – B1 – B2 – C1 සහ Central Contract යන කාණ්ඩ යටතේ බෙදා වෙන්කර තිබෙන අතර අදාළ කාණ්ඩවලට අනුව ඔවුන්ට හිමිවන මුදල් පරාසය ඩොලර් 130,000 සිට ඩොලර් 10,000 දක්වා විහිදී යනවා.
 
IPL තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ක්රිකට් ආයතනය සමඟ ගැටලුවක් ඇතිකරගත් නුවන් තුෂාර ව මෙවර වාර්ෂික කොන්ත්රාත්තුවට ඇතුළත් කර තිබෙනවා.
 
ඔහු තමන්ව ඉදිරියෙදී පැවැත්වෙන ජාතික කණ්ඩායමේ තරග සඳහා නොසළකා හරින ලෙසට ද එහිදී ඉල්ලීම් කර තිබූ බවටයි වාර්තා වූයේ.
 
මේ අතර, කලකට පසු නිරෝෂන් දික්වැල්ල මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
 
දුෂාන් හේමන්ත – චමිදු වික්රමසිංහ – නිෂාන් පීරිස් – ට්රැවින් මැතිව් යන යොවුන් ක්රීඩකයන්ට මෙවර වාර්ෂික ක්රීඩක කොන්ත්රාත් ලැයිස්තුවට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලැබී නැහැ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *