Where the Life Meets Cricket

info@cricketlk.com

"තනතුර භාරගත්තේ ජනපතිගේ ආරාධනයක් අනුවයි"

ක්‍රිකට් පරිවර්තන කමිටුවෙි එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න  පවසයි.

 

අභිනව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩි දුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික පියවර ලෙස, ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව්‍ය ව්‍යයවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවයි.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාව්‍යය, දූෂණ විරෝධය සහ ව්‍යෘත්තීයවේදීත්වය ආයතනයේ පදනමටම බද්ධ කිරීමට තම කණ්ඩායම කැපවෙන බවද ඔහු කියා සිටී. දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය ව්‍යගකීම සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි ඇති මහජන විශ්වාසය යළි ගොඩනැගීමට හැකි බවද ඔහු විශ්වාසය පළකරයි.

 

ජාතික කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා අව්‍යශ්‍ය ව්‍යුහයන්, ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීම කෙරහි අවධානය යොමු කරන බවද වත්මන් ක්‍රීඩකයන්ට අඛණ්ඩව ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීමට මග පාදමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහලම තලයට යළි රැගෙන එන බවද ඔහු කියයි.

 

පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ක්‍රිකට් රසිකයෙකු ලෙස ද  ක්‍රීඩාව සමග සම්බන්ධව සිටි තමන්ට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහ මගට හැරවීමට නායකත්වය දීමට ලැබීම භාග්‍යක් ලෙස සලකන බවද වික්‍රමරත්න මහතා සඳහන් කරයි. එය ඉතා බැරෑරුම් වගකීමක් ලෙස සලකන බවද ඔහු කියයි.  එසේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය මෙන්ම නිර්මාණාත්මක විවේචනද තමන් අපේකෂා කරන  අතර ක්‍රීඩාලෝලීන්ගේ උද්‍යෝගයට සාධාරණයක් ඉටු කරමින් ස්ථිරසාර ප්‍රතිඵල ලබා දීමට ප්‍රතිඥා දෙන බවද ඔහු සඳහන් කර සිටියි. 

 

– උපුටා ගැනීම – 

නිර්මල ප්‍රතිරූපයක් සහ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම මා ලද ගෞරවයකි.
 
රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, අවන්නි කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වය, ආයතනික කළමනාකරණය සහ නීතිමය ප්‍රවීණතාවයේ දුර්ලභ සංකලනයක් නියෝජනය කරයි.

 

අපගේ කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාවය යළි ස්ථාපිත කිරීමයි.

 

පහත සඳහන් ප්‍රධාන කුළුණු දෙක ඔස්සේ අපි මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙමු:

 

1. ප්‍රශස්ත පාලනය නංවාලීම

අපගේ මූලික ප්‍රමුඛතාවය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙහි මූලික පියවර ලෙස, ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන්නෙමු. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාවය, දූෂණ විරෝධය සහ වෘත්තීයවේදීත්වය ආයතනයේ පදනමටම බද්ධ කිරීමට අපි කැපවී සිටිමු. දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය වගකීම් සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීම අපගේ අරමුණයි.

 

2. පිටිය තුළ විශිෂ්ඨත්වය

පරිපාලනමය විශිෂ්ඨත්වය යනු ක්‍රීඩක දක්ෂතාවල පදනමයි. ජාතික කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහයන්, ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීම කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ක්‍රීඩකයන්ට අඛණ්ඩව ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීමට මග පාදාදෙමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම තලයට යළි රැගෙන ඒමයි.

 

පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ඉන් පසුවත් මම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවෙමි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහපත් මගට හැරවීමට නායකත්වය දීමට ලැබීම මා ලද භාග්‍යයක් වන අතර මම එය ඉතා බැරෑරුම් වගකීමක් ලෙස සලකමි.

 

මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය සහ නිර්මාණාත්මක විවේචන මම අපේක්ෂා කරන අතර, ඔබගේ ඉමහත් උද්‍යෝගයට සාධාරණයක් ඉටු කරමින් ස්ථිරසාර ප්‍රතිඵල ලබා දීමට මම ප්‍රතිඥා දෙමි.

 

– උපුටා ගැනීම අවසන් – 

 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *