Where the Life Meets Cricket

info@cricketlk.com

ජැෆ්නා කිංග්ස් ෆ්‍රැන්චයිස් හිමිකම් අවලංගු කරයි

ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියට එක්වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ෆ්රැන්චයිස් හිමිකම්, ශ්රී ලංකා ක්රිකට් (SLC) සහ Innovative Production Group (IPG) විසින් අවලංගු කර තිබෙනවා.
 
ඒ, ෆ්රැන්චයිස් ගිවිසුමට අනුව ගෙවිය යුතු මූල්ය වගකීම් ඉටු කිරීමට හිමිකරුවන් අසමත් වීම හේතුවෙන්.
 
තරගාවලිය මැද මෙම තීරණය ගැනීමට සිදුවී ඇත්තේ කණ්ඩායමේ එක් හිමිකරුවෙකු අත්අඩංගුවට පත්වීමත්, තවත් හිමිකරුවෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වීමත් සමඟයි.
 
කෙසේ වෙතත්, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම දිගටම LPL තරගාවලියට ක්රීඩා කරනවා.
 
ක්රීඩක සංචිතයට, තරග කාලසටහනට හෝ තරගාවලියේ ආකෘතියට කිසිදු වෙනසක් සිදු නොවන බව සංවිධායකයින් තහවුරු කර තිබෙනවා.
 
IPG ප්රධාන විධායක නිලධාරී අනීල් මෝහන් පවසන්නේ, LPL තරගාවලියේ විශ්වසනීයත්වය සහ ක්රීඩකයන්, පුහුණුකරුවන්, හවුල්කරුවන් හා ප්රේක්ෂකයන්ගේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම අපගේ ප්රමුඛත්වයයි” යනුවෙනි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *