ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (අගෝ: 4) ප්රතික්ෂේප කළේ ය.
සිය දරුවා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවත් එම දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු තැබී ය.
මෙම නියෝගය ප්රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්රදානය කිරීම සඳහා ප්රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.
ඒ අනුව, එම ඉල්ලීම ප්රතික්ෂේප කරන බවත් අධිකරණය සදහන් කළේ ය.