Where the Life Meets Cricket

info@cricketlk.com

කොස්සෙන් ක්‍රිකට් ගහපු පුංචි කෙල්ල අද ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දඩයමේ

මොණරාගලින් බිහිවුණු චේතනා විමුක්ති ගැන මේ දිනවල ක්රිකට් ලෝලීන්ගේ අවධානය වැඩිවෙලා තියෙනවා.
 
ඒ, මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්යයට එරෙහිව දැක්වූ සුපිරි පන්දු යැවීමත් සමඟයි. 🔥
 
අගෝස්තු 29 වැනිදා පැවති තරගයේදී සිය මංගල T20 ජාත්යන්තර තරගයට ක්රීඩා කළ චේතනා, පන්දුවාර 4කදී ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස සම්මානයටත් පාත්ර වුණා. 🏆🎯
 
හැබැයි චේතනාගේ ක්රිකට් ගමන පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි… ❤️
කුඩා කාලයේ ඉඳන්ම ඇයට ක්රිකට් ගැන තිබුණේ පුදුමාකාර ආසාවක්ලු.
 
ඇයගේ මව කියන විදිහට, ගෙදර වැඩවලට උදව් කරන වෙලාවක පවා කොස්ස අරගෙන ක්රිකට් ගහනවා වගේ සෙල්ලම් කරමින් තමයි චේතනා වැඩ කරන්නේ! 🧹🏏😂
 
ඒ පුංචි කාලේ කොස්සෙන් ක්රිකට් ගහපු කෙල්ල…
👉 අද ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. 🇱🇰
👉 එක්දින ජාත්යන්තර වරම් දිනාගෙන තියෙනවා.
👉 මංගල T20I තරගයේදීම කඩුලු 3ක් දවාගෙන තරගයේ දක්ෂතම ක්රීඩිකාව වෙලා තියෙනවා. 🔥
 
ඒත් මේ ගමන හැමදාම පහසු එකක් වෙලා තිබුණේ නැහැ.
මොණරාගල වැනි ප්රදේශයකින් ක්රිකට් ක්රීඩාවට පැමිණි චේතනාට එක් අවස්ථාවකදී ක්රිකට් ක්රීඩාවෙන් ඈත් වෙන්නත් සිදුව තිබුණා.
 
නමුත් ඇය නැවතත් පිටියට පැමිණියා… 💪❤️
2025 වසරේදී නවසීලන්තයට එරෙහිව එක්දින ජාත්යන්තර වරම් දිනාගත් චේතනා මේ වන විට එක්දින තරග 6කට ක්රීඩා කර තිබෙනවා.
 
🔥 පකිස්ථානයට එරෙහිව – ලකුණු 36කට කඩුලු 3ක්
🔥 UAEයට එරෙහි මංගල T20I තරගයේදී – ලකුණු 16කට කඩුලු 3ක්
කොස්සෙන් ක්රිකට් ගහපු ඒ පුංචි චේතනා අද ජාත්යන්තර පිටියේ ශ්රී ලංකාව වෙනුවෙන් කඩුලු දඩයමේ! 🧹➡️🏏➡️🇱🇰
මේ ගමන තව කොච්චර දුර යයිද කියලා බලමු… ❤️🔥

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

darwin cricket ground
Read More
General
Read More
General (2)
Read More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *