බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 37කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ශායි හෝප් ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 194කි.
එහිදී දසුන් ශානක පන්දු 24ක් තුළ වේගවත් ලකුණු 58ක් ලබාගත්තේය.
කමිල් මිෂාර ලකුණු 60ක් ලබාගැනීමට සමත් විය.
පන්දුයැවීමේදී ශමර් ජෝසප් කඩුලු 03ක් සහ මැතිව් ෆෝර්ඩ් කඩුලු 02ක් දවාගත්තහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18.1ක් තුළ සියලු දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණය.
එහිදී රොමන් පවෙල් ලකුණු 43ක් සහ ශිම්රොන් හේට්මයර් ලකුණු 36ක් ලබාගත්හ.
පන්දුයැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු තුන බැගින් දවාගත්හ.
මෙම තරග ජයග්‍රහණය සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.
