Where the Life Meets Cricket

info@cricketlk.com

කොදෙව්වන්ට ලොකු දඩයක්

ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවා තිබේ.

 

මීට අමතරව, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) ඔවුන් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 2ක් කපා හැරීමටද තීරණය කර ඇත.

 

මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා වාර්තා කර ඇත්තේ, කොදෙව් කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර 2ක් අඩුවෙන් යොමු කර ඇති බවය.

 

ICC චර්යාධර්ම සංග්‍රහයට අනුව කණ්ඩායමක් නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සඳහාම ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 5%ක දඩයක් පැනවෙයි. 

 

එය 50%ක උපරිමයක් දක්වා පැනවීමට හැකියාව තිබේ. ඒ අනුව  කොදෙව්වන් පන්දුවාර 2ක් ප්‍රමාද වූ බැවින් ඔවුන්ට 10%ක දඩයක් හිමි විය.

 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග කොන්දේසි අනුව, නියමිත කාලය තුළ සම්පූර්ණ නොකරන සෑම පන්දුවාරයක් සඳහාම ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනෙන් 1 ලකුණ බැගින් කපා හරිනු ලබයි.

 

ඒ අනුව ඔවුන්ගෙන් ලකුණු 2ක් කපාහැර ඇත. 

 

කොදෙව් නායක රොස්ටන් චේස් විසින් අදාළ වරද පිළිගෙන පැනවූ දඬුවමට එකඟත්වය පළ කර ඇති බැවින්, මේ සම්බන්ධයෙන් ඉදිරියට විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ICCය දැනුම්දෙයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *