Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල අංක 1 දක්වා ඉහළට

ඉන්දියාවට එරෙහි පස්වන T20 තරගයත් ලකුණු 56කින් ජයගත් එංගලන්තය තරග 5කින් සමන්විත තරගාවලිය තරග 4-0ක් ලෙස සුවිශේෂී ජයග්රහණයක් වාර්තා කිරීමට සමත් වුණා.
 
ඒ අනුව, ලෝක ශූරයින් සහ ලොව අංක එකේ T20 කණ්ඩායම ලෙස එංගලන්තයට ගිය ඉන්දියාවට අවසානයේ ගෙදර යාමට සිදු වූයේ තමන්ගේ T20 අංක එකේ ස්ථානයත් එංගලන්තයට පූජා කරමින්.
 
ඒ අනුව, මේ මොහොතේ සිට ලොව අංක එකේ T20 කණ්ඩායම ලෙස කිරුළු පළඳින්නේ ජයග්රාහී එංගලන්ත කණ්ඩායමයි.
 
මෙය 2011 වසරේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලෝක ටෙස්ට් ශ්රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත්වූ ඉතිහාසය යළි මතක් කරවන ජයග්රහණයක් ලෙස ද විදෙස් මාධ්ය පවසනවා.
 
2026 T20 ලෝක ශූරයින් වූ ඉන්දියාව මේ වනවිට තවත් අඳුරු කාලයකට ඇද වැටී තිබෙනවා.
 
මෙම තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණේ නැත්නම් ඉන්දියාවට 5-0ක පරාජයක් බොහෝ දුරට අත්විඳීමට ඉඩ තිබුණා.
 
නොටින්හැම්ප් හිදී පැවති තරගය ආරම්භයට බාධා එල්ල වුණා. ඒ ඉන්දීය කණ්ඩායම ක්රීඩාංගණයට පැමිණි බස් රථය රථවාහන තදබදයට (Traffic) හසුවීමෙන්.
 
ඒ අනුව කාසියේ වාසියත් ප්රමාද වී උරගා බැලූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 257ක් රැස් කළා.
 
සුපිරි ඉනිමක් ක්රීඩා කළ ජොස් බට්ලර් පන්දු 64කින් හයේ පහර 8ක් සහ හතරේ පහර 12ක් සමගින් අධිවේගී ලකුණු 131ක් රැස් කළා.
 
නායක හැරී බෲක් ද පන්දු 45කින් හයේ පහර 8ක් සමගින් ලකුණු 95ක් නොදැවී රැස් කරමින් බට්ලර් සමග වාර්තාගත සබඳතාවක් ගොඩනැගුවා.
ලකුණු 258ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට පන්දුවාර 20 අවසානයේ රැස්කරගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 201ක් පමණයි.
 
ඉෂන් කිෂන් ලකුණු 56ක් සහ තිලක් වර්මා වේගවත් ලකුණු 53ක් රැස් කළත් එය ප්රමාණවත් වුණේ නැහැ.
 
මෙම පරාජයත් සමග 2026 T20 ලෝක කුසලානය දිනාගත් දිනෙන් පසුව ඉන්දියාව තවමත් එකම T20 ජයක්වත් ලබාගෙන නැහැ. ඔවුන්ගේ අවසන් T20 තරග 7 තුළ වාර්තාව සටහන් වන්නේ, L, L, NR, L, L, L, L ලෙසයි.
 
නව නායකත්වය යටතේ ඉන්දියාව දැඩි පසුබෑමකට ලක්ව ඇති බව මෙම ප්රතිඵලයෙන් තවත් පැහැදිලි වුණා. එංගලන්තයට පැමිණීමට පෙර අයර්ලන්තය සමග පැවති තරගාවලියත් තරග 2-0ක් ලෙස පරාජය වූ ඉන්දියාවට මෙය දරාගත නොහැකි නින්දාසහගත පරාජයක්.
 
එංගලන්තයට නම් මෙය ඉතිහාසගත තරගාවලි ජයක්. නමුත් ඉන්දියාවට නම් මෙය T20 ලෝක ශූරයින් ලෙස ලැබූ ලැජ්ජාසහගතම තරගාවලි පරාජය ලෙස ඉතිහාසගත වන බවනම් නොඅනුමානයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *