ක්රිකට් ලොවේ අංක එකේ කණ්ඩායම ද්වීපාර්ශවික T20I තරගාවලියකදී පරාජයට පත්කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද (28) සමත් වුණා.
ඉන්දියාව මෙලෙස ද්වීපාර්ශවික T20I තරගාවලියකදී පරාජයට පත්වූයේ වසර 03 කට පසුවයි.
තම පළමු T20I තරගාවලියේදීම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට අයර්ලන්ත වේග පන්දු යවන ක්රීඩක ජායි මුන්ඩ්රා සමත් වුණා.
දෙවන තරගයේ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේද ඔහුයි.
තම පළමු තරග 02 තුළ ඔහු කඩුලු 05 ක් දවා ගැනීමට සමත් වුණා.
එම තරග දෙකේදීම සංජු සැම්සන් දෙවතාවක් දවා ගැනීමට ද ජායි මුන්ඩ්රා ට හැකියාව ලැබුණා.
