ඉදිරියේදී එක්දින (ODI) තරගාවලි අඩු කිරීමේ යෝජනාවක් ICC සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා වන ආකාරයට, අනාගතයේදී ලෝක කුසලානයට පෙර මාස 18ක කාලය තුළ පමණක් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලි සංවිධානය කිරීමට ICC අවධානය යොමු කර තිබේ.
එමගින් 50-ඕවර් ක්‍රිකට් තරගවල වටිනාකම සහ තරගකාරීත්වය ඉහළ නැංවීම ඔවුන්ගේ අරමුණ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙය තවමත් අවසන් තීරණයක් නොව, සාකච්ඡා මට්ටමේ පවතින යෝජනාවක් පමණි.
