Where the Life Meets Cricket

info@cricketlk.com

ඇෆ්ඝනිස්ථාන ප්‍රිමියර් ලීග් දින වකවානු ප්‍රකාශයට

මෙවර ඇෆ්ඝනිස්ථාන ප්රිමියර් ලීග් (𝗔𝗣𝗟) තරගාවලිය පැවැත්වෙන දින වකවානු ඇෆ්ඝනිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය නිළ වශයෙන් ප්රකාශයට පත්කර තිබෙනවා.
 
ඒ අනුව, තරගාවලිය දෙසැම්බර් 27 වනදා ආරම්භ වීමට නියමිතයි.
 
මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය දරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්යය විසිනි.
 
තරගාවලිය සඳහා ඇෆ්ඝනිස්ථානය කේන්ද්ර කරගෙන කණ්ඩායම් 05 ක් ක්රීඩා කරන අතර පහත දැක්වෙන්නේ එම කණ්ඩායම් පිළිබඳ තොරතුරුයි.
 
◼️ Kabul
◼️ Kandahar
◼️ Balkh
◼️ Paktia
◼️ Nangarhar
 
අවසන් වරට ඇෆ්ඝනිස්ථාන ප්රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වුණේ 2018 වසරේදීයි.
 
එය APL තරග ආකෘතියේ පළමු තරගාවලිය ද වුණා.
 
එක්සත් අරාබි එමීර් රාජ්යයේ සත්කාරකත්වයෙන් පැවති එම තරගාවලියේ ශූරතාවය දිනාගනු ලැබුවේ මොහොමඩ් නබී ගේ නායකත්වයෙන් යුත් Balkh Legends කණ්ඩායමයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *