ජාත්
යන්තර ක්
රිකට් කවුන්සිලයේ (ICC) නවතම එක්දින කණ්ඩායම් ශ්
රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්ථානය 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ශ්
රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අභිබවා යාමට ඇෆ්ගනිස්ථානය සමත්වීම විශේෂත්වයක්. මෙය ඔවුන් එක්දින ශ්
රේණිගත කිරීම්වල මෙතෙක් ලබාගත් ඉහළම ස්ථානයයි.

අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලිය 4-0ක් ලෙස ජයගැනීමත්, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය සමඟ පැවති තුන්කොන් තරගාවලියේ අපරාජිතව අවසන් කිරීමත් ඔවුන්ගේ මේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වී තිබෙනවා.