
ජාතික කණ්ඩායමට වඩා ෆ්‍රැන්චයිස් ක්‍රිකට්වල මුදල් පසුපස යන ක්‍රීඩකයන් ගැන අර්ජුන රණතුංගගෙන් දැඩි ප්‍රකාශයක් ![]()
ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර විනය, ක්‍රීඩා තාක්ෂණය සහ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අභිමානය අඩුවෙමින් පවතින බවට අදහස් පළ කර තිබෙනවා. ![]()
මුම්බායිහි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, වර්තමානයේ ඇතැම් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වඩා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග්වලින් ලැබෙන මූල්‍ය ප්රතිලාභ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවයි. ![]()
තම ක්‍රීඩා දිවියේදී ඉන්දීය සුපිරි පිතිකරුවන් වූ සචින් තෙන්ඩුල්කාර්, මොහොමඩ් අසාරුදීන් සහ සව්රව් ගංගුලි වැනි ක්‍රීඩකයන් තුළ ක්‍රිකට් තාක්ෂණය සහ ක්‍රීඩා වටිනාකම් ඉතා පැහැදිලිව දැකගත හැකි වූ බවද රණතුංග පවසා තිබෙනවා. ![]()
![]()
“අද බොහෝ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියෝජනය කරනවාට වඩා ෆ්‍රැන්චයිස් ලීග් ගැන වැඩි අවධානයක් යොමු කරනවා.”
ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ තොප්පිය සහ ජර්සිය පැළඳීම පිළිබඳ අභිමානය මෙන්ම ජාතික වගකීමද අවබෝධ කරගත යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා. ![]()
![]()
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් වෙනුවට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තෝරාගත් අවස්ථා දැකගත හැකි වූ බවත්, එවැනි ප්‍රවණතාවක් ඉන්දියාව තුළද දැකිය හැකි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, T20 ක්‍රිකට් ඉවත් කළ යුතු බව තමන් නොකියන බව පැහැදිලි කළ රණතුංග, තරුණ ක්‍රීඩකයන්ට T20 සමඟම ටෙස්ට් ක්‍රිකට්හි වටිනාකමද ඉගැන්විය යුතු බව අවධාරණය කර තිබෙනවා. ![]()
![]()
එමෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආදර්ශයක් වෙමින් යම් කැපකිරීම් සිදු කළ යුතු බවත්, තරුණ ක්‍රීඩකයන්ට ජාතික ජර්සියට ඇති ගෞරවය, විනය, අධ්‍යාපනය, ක්‍රීඩා තාක්ෂණය සහ දෙමාපියන් හා පුහුණුකරුවන්ට ගරු කිරීම වැනි වටිනාකම් ඉගැන්වීමේ වගකීම ජ්‍යෙෂ්ඨයන් සතු බවත් ඔහු පෙන්වා දී තිබෙනවා. ![]()
![]()
ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අභිමානය මුදලට වඩා ඉහළින් තැබිය යුතු බවයි අර්ජුන රණතුංගගේ ප්‍රකාශයෙන් අවධාරණය වී ඇත්තේ.