Where the Life Meets Cricket

info@cricketlk.com

ස්ම්‍රිති මන්දනා ඉන්දීය නව නායකත්වයට

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ආකෘති සඳහා නව නායිකාව ලෙස Smriti Mandhana පත් කර තිබෙනවා.
 
මෙම පත්වීම සිදුවන්නේ Harmanpreet Kaur වසර 10 කට පසු ඉන්දීය නායකත්වයෙන් ඉවත් වූ දිනයේදීම වීම විශේෂත්වයක්. 🏏
 
Harmanpreetගේ උපනායිකාව ලෙස දිගු කාලයක් කටයුතු කළ Mandhana මීට පෙර ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 4කදී සහ T20I තරග 18කදී නායකත්වය දරා තිබෙනවා.
 
📅 නව නායිකාව ලෙස ඇයගේ පළමු වගකීම Zimbabwe තරගාවලියයි.
 
ඔක්තෝබර් 16 වැනිදා Raipurහිදී ආරම්භ වන T20I තරග 3කින් එම සීමිත ඕවර තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
 
Mandhana සිය නව වගකීම පිළිබඳව අදහස් දක්වමින් Harmanpreet Kaurටද ගෞරවය පළ කර තිබෙනවා.
 
“වසර ගණනාවක් පුරා නායිකාව ලෙස Harmanpreet දැක්වූ කැපවීම සහ ඇය ලබාදුන් දායකත්වය සිහිපත් කිරීමට මම කැමතියි. ඇය අපගේ ගමනේ ඉතා වැදගත් කොටසක් වූවා.
 
මෙම තනතුර සමඟ පැවරෙන වගකීම මට අවබෝධයි. කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරමින්, ඉගෙන ගනිමින් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට මගේ උපරිමයෙන් දායක වීමට මම බලාපොරොත්තු වෙනවා.” 🇮🇳
 
🔥 Mandhana මේ වසරේ RCB කණ්ඩායමට දෙවැනි WPL ශූරතාව දිනාදීමට නායකත්වය දුන් අතර, අවසන් තරගයේදීද කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වූවා.
 
🏏 සැප්තැම්බර් මාසයේදී Mithali Raj පසුකරමින් කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සියලු ආකෘතිවල වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාව බවටද Mandhana පත්වුණා.
 
💯 ජාත්‍යන්තර ශතක 18ක් සමඟ කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර ශතක සංඛ්‍යාවට හිමිකම් කියන Mandhana, සියලුම ආකෘති තුළම ශතක ලබාගත් පළමු ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවද වනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *