Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට කලකට අමතක නොවන විශිෂ්ට හඹායෑමක් සනිටුහන් කරමින් පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරගයෙන් එංගලන්තය පරාජය කර කඩුලු 2ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 

රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කය, එක් පන්දුවක් (49.5) පමණක් ඉතිරිව තිබියදී පසුකර යැමීට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් විය.

 

මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් හඹාගොස් ජයලැබූ දෙවන හොඳම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය.

 

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් පවන් රත්නායක (130), දසුන් ශානක (97), අවිශ්ක ප්‍රනාන්දු (97), ජනිත් ලියනගේ (61) විශිෂ්ට ඉනිම් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *