Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා අදට වසර 30 යි

මීට වසර 30 කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ අද (17) වැනි සුවිශේෂී දිනයක වීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන සිදුවීමක්.

1996 වසරේ පැවති එක්දින ලෝක කුසලන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළා.

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී තරග බිමට පිවිසියේ ශ්‍රී ලංකාව සහ  ඔස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානයට පිවිසියේ අර්ජුුන රණතුංගගේ නායකත්වයෙන්.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා.

ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේ සිය ජයග්‍රහී ඉලක්කය පසුකර යමින් ඒ ඓතිහාසික ජයග්‍රහණය මෙරටට දිනා දුන්නා.

එහිදි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වු සනත් ජයසූරියව සහ රොමේෂ් කලුවිතාරණව ලකුණු 23ක් තුළ දවා ගන්නට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකිවුණා.

නමුත් තුන්වැනි කඩුල්ලට ලකුණු 125ක විශිෂ්ඨ සබඳතාවක් එක්කළ අරවින් ද සිල්වා සහ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය මාවත විවර කළා.

එම සබඳතාව බිඳ වැටුණේ අසංක ගුරුසිංහ ලකුණු 65කට දැවී යාමත් සමඟයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක අර්ජුන රණතුංග අරවිද සමඟ එක්ව ශ්‍රී ලංකා කණ්ඩාම සුරැකිව ඓතිහාසික ජයග්‍රහණය කරා රැගෙන ගියා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩාකළ අරවින් ද සිල්වා නොදැවී ලකුණු 107ක් ලබා ගනිමින් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47ක් වන අතර, තරගාවලියේ වීරයා වුයේ සනත් ජයසුරියයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

dasun-shanaka-20-nov-2025-alamy16
451103-west-indies
Read More
Impact-Player
Read More