බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ඒ දෙරට අතර පැවති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 03කින් ජයගැනීමත් සමගයි.
බංග්ලාදේශයේ ශිල්හේට්හි ආරම්භවීමට නියමිතව තිබූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ එක් ඉනිමක් පන්දුවාර 09කට සීමා කිරීමට පියවර ගැනිණ.
ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 87කි.
ජයග්‍රහණය සඳහා ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 84ක් පමණය.
දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 25කින් සහ දෙවන තරගය ලකුණු 21කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගැනීමට සමත්විය.
