Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා එක්දින සහ T20 නායකත්වය කුසල් මෙන්ඩිස් ට ?

ශ්රී ලංකා (පිරිමි) එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම්වල නායකත්වයේ වෙනසක් සිදුවීමට වැඩි ඉඩක් පවතිනවා කියලා මාධ්ය වාර්තා මේ වෙද්දි පළවෙලා තියනවා.
 
Sumday Times වාර්තා කරන අන්දමට ශ්රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම්වල මීළඟ නායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිවීමට වැඩි ඉඩක් තියනවා.
 
මේ කාරණාවත් එක්ක ශ්රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමේ මෙතෙක් නායකත්වය දැරූ දසුන් ශානකටත් ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් අසලංක ට එම නායකත්ව ධුරයන් අහිමි වීමේ වැඩි අවධානමක් තියනවා.
 
ඒ අනුව එක්දින කණ්ඩා‍යමේ නායකත්වය හෙබවූ චරිත් අසලංක සහ විස්සයි විස්ස නායකත්වය දැරූ දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වයට නම් කරනු ඇති බවටයි Sunday Times වාර්තා කර සිටින්නේ.
 
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිට ශ්‍රීලංකා එක්දින සහ විස්සයි / 20 කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව sunday times පුවත්පත වාර්තා කර සිටිනවා.

මේ අතර ටෙස්ට් නායකත්වයේ දිගටම දනන්ජය ද සිල්වා කටයුතු කරනු ඇති බවට වැඩි දුරටත් වාර්තා වෙනවා.
 
කුසල් මෙන්ඩිස් මීට පෙර ජාත්යන්තර එක්දින තරග 17 කට නායකත්වය ලබාදී ඇති අතර ඔහුගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩයම ජයලබා ඇත්තේ 08 ක් පමණයි.
 
තරග 08 ක් පරාජයට පත්වී ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
 
මේ පිළිබඳව තවමත් කිසිදු බලයලත් පාර්ශවක් නිල වශයෙන් දැනුම් දීමක් සිදුකරලා නැහැ.
 
කොහොම වුණත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නව කමිටුව යටතේ වෙනස්කම් රැසක් ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *