Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක් 

ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය.
 
ඇෆ්ගනිස්තාන පිල ලබාදුන් ලකුණු 245ක ඉලක්කය පන්දුවාර 28ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී හඹා යාමට ශ්රී ලංකා පිතිකරුවන් සමත් විය.
 
​මෙම ජයග්රහණයේ නියමුවා වූ අවිශ්ක ප්රනාන්දු පන්දු 79කින් නොදැවී ලකුණු 108ක් ලබාගනිමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළේය.
 
ඔහුට අනගි සහයෝගයක් ලබාදුන් සදීර සමරවික්රම පන්දු 70කින් නොදැවී ලකුණු 60ක් ලබාගත් අතර, වේගවත් ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 18කින් ලකුණු 49ක් රැස් කළේය.
 
​ඉන්දීය ‘A’ කණ්ඩායමට එරෙහිව පැවැති පෙර තරගයේදී ලකුණු 8ක අවාසනාවන්ත පරාජයක් ලැබූ ශ්රී ලංකා කණ්ඩායම, මෙම ජයග්රහණයත් සමඟ තරගාවලියේ තම පළමු ජයග්රහණය වාර්තා කිරීමට සමත් විය.
 
​අවිශ්ක ප්රනාන්දු: 108* (පන්දු 79)
​සදීර සමරවික්රම: 60* (පන්දු 70)
​නිරෝෂන් දික්වැල්ල: 49 (පන්දු 18)
​විෂේන් හලඹගේ: 04* (පන්දු 02)

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *