Where the Life Meets Cricket

info@cricketlk.com

විස්සයි20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.

 

ඒ අද පැවති තුන්වන සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.

 

මෙම තරගය අද (15) ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 169ක් ලබා ගත්තේය. 

 

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු 28කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 43ක් රැස් කළේය. 

 

පන්දු යැවීමේදී කොදෙව් පිලේ ශමාර් ජෝසෆ් ලකුණු 33කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් වැය කර ලකුණු 170ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය. 

 

කොදෙව් ඉනිම ශක්තිමත් කළ Sherfane Rutherford පන්දු 40කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් රැස් කළේය. 

 

මීට අමතරව Rovman Powell ලකුණු 33ක් සහ Shimron Hetmyer පන්දු 19කදී ලකුණු 32ක් ලබා ගත්තේය.

 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 17කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *