ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්රිකානු කණ්ඩායම වසර 8කට පසුව දකුණු අප්රිකානු භූමියේදී ඔස්ට්රේලියාව පරාජය කරමින් ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
කේප්ටවුන්හිදී පැවති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 176ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකාව සමත් වීමත් සමඟයි මෙම ජයග්රහණය තහවුරු වුණේ.
දකුණු අප්රිකාව සහ ඔස්ට්රේලියාව අතර දකුණු අප්රිකාවේදී අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණේ 2018 වසරේදීයි.
එම තරගාවලියේ ජයග්රහණයත් හිමිවුණේ දකුණු අප්රිකාවට වීම විශේෂත්වයක්.
වත්මන් ලෝක ටෙස්ට් ශූරයන් වන දකුණු අප්රිකාව මෙවරත් ප්රබල ඔස්ට්රේලියානු කණ්ඩායම පරාජය කරමින් සිය දක්ෂතාව මනාව පෙන්නුම් කළා.
ඔස්ට්රේලියාවට එරෙහිව පැවති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 176ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟ දකුණු අප්රිකාව ICC ටෙස්ට් කණ්ඩායම් ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව මෙවර ලෝක ටෙස්ට් ශූරතාව දිනාගත් දකුණු අප්
රිකාව මේ වන විට ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්
රේණිගත කිරීම්වලත් පෙරමුණේ පසුවීම විශේෂත්වයක්.


නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්
රේණිගත කිරීම්වල පළමු ස්ථාන 5,

දකුණු අප්
රිකාව – ප්
රසාද ලකුණු 124

ඔස්ට්
රේලියාව – ප්
රසාද ලකුණු 122

නවසීලන්තය – ප්
රසාද ලකුණු 106

ඉන්දියාව – ප්
රසාද ලකුණු 105

එංගලන්තය – ප්
රසාද ලකුණු 102
තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 214ක ජයක් ලබාගනිමින් ඔස්ට්රේලියාව ඉදිරියෙන් සිටියත්, දෙවැනි තරගය ඉනිමකින් සහ ලකුණු 31කින් ජයගත් දකුණු අප්රිකාව අවසන් තරගය ලකුණු 176 ක ජයක් ලබාගනිමින් තරගාවලිය තමන් සතු කරගත්තා.
ඒ සමඟින් දකුණු අප්
රිකාව ලෝක ටෙස්ට් ශූරතා ප්
රසාද ලකුණු සටහනේත් පළමු කණ්ඩායම් දෙක අතරට පැමිණීමට සමත් වී තිබෙනවා.
