වසර 22කට පසුව Darwin වෙත Test ක්‍රිකට් තරගයක්
වසර 22කට පසුව ඕස්ට්‍රේලියාවේ Darwin නුවරදී නැවතත් Test ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත Test තරගාවලියේ පළමු තරගය (13) Darwinහි Marrara Stadium ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ Darwinහි අවසන් වරට පැවති Test තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් බවට පත්වූ ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර Test ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමයි.
2004 ජූලි 1 වැනිදා Marrara Cricket Groundහිදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති Test තරගයේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ජාත්‍යන්තර Test තරගයට ක්‍රීඩා කළා.
එම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මාලිංග සමස්ත තරගයේදී කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ අතර, ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී පමණක් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත්, එම තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 149ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර, එය Darwinහි පැවති අවසන් Test තරගය බවට පත්වුණා.
දැන් වසර 22කට පසුව එම ක්‍රීඩාංගණයට නැවතත් Test ක්‍රිකට් පැමිණීමට නියමිතයි.
මෙවර ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින්නේ බංග්ලාදේශයයි. තරග දෙකකින් සමන්විත Test තරගාවලියේ පළමු තරගය අගෝස්තු 13 වැනිදා Darwinහිදී ආරම්භ වන අතර, දෙවැනි Test තරගය අගෝස්තු 22 වැනිදා Mackayහිදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර, බංග්ලාදේශ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේදී Test තරගයක් ක්‍රීඩා කරන්නේ වසර 23කට පසුව වීමත් මෙම තරගාවලියේ තවත් විශේෂත්වයක්.
වසර 22කට පෙර Darwinහිදී සිය පළමු Test සටන ආරම්භ කළ ලසිත් මාලිංග අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී අවසන්.
එදා මාලිංග සිය ජාත්‍යන්තර Test දිවියේ පළමු පියවර තැබූ Marrara Stadium වෙත වසර 22කට පසුව නැවතත් Test ක්‍රිකට් පැමිණීම සැබැවින්ම ක්‍රිකට් ඉතිහාසයේ අපූරු සිදුවීමක්.
ඒ අනුව Darwinහි Test ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන මෙම තරගය සුවිශේෂී තරගයක් වනු නොඅනුමානයි.
එසේනම් වසර 22කට පසුව Darwinහි පැවැත්වෙන මෙම සුවිශේෂී Test සටනේ ජය කාට හිමි වේවිද?


