2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට හිමිව තිබෙනවා.
එක්දින (ODI) තරග ආකෘතිය යටතේ පැවැත්වෙන 2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මස 18 වනදා සිට ජූලි 04 වනද දක්වා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
තරගාවලියේ අවසන් මහා තරගය මීර්පූර් හී ශර් – ඊ බංග්ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඩකා – සිල්හෙට් – චටොග්‍රෑම් යන ක්‍රීඩාංගණ තුන තරගාවලිය සඳහා සත්කාරකත්වය දරනු ඇති.
මේ අතර, තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට සුදුසු ස්ථාන 03 ක් හෝ අවම වශයෙන් නිර්දේශ කරන ලෙසටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ.
