Where the Life Meets Cricket

info@cricketlk.com

ලකුණු 13 කින් අභිෂේක් ශර්මාට අහිමි වූ විශිෂ්ට වාර්තාව

කැලැන්ඩර් වසරකදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට තිබූ අවස්ථාව අභිෂේක් ශර්මා ට ඊයේ (19) අහිමි වී ගියා.
 
ඒ ලකුණු 13 කින් වීම ද විශේෂත්වයක්.
 
එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ ඉන්දියාව වෙනුවෙන් කැලැන්ඩර් වසරකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වන්නේ විරාට් කෝලියි.
 
ඔහු 2016 වසරේදී ලකුණු 1614 ක් රැස්කර තිබෙනවා.
 
ඊට වැයවී ඇත්තේ විස්සයි විස්ස ඉනිම් 29 ක් පමණයි.
 
මෙම වසරේදී අභිෂේක් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ ලකුණු 1602 ක් රැස්කර තිබෙනවා.
 
ඒ ඉනිම් 40 ක් තුළදී වීම ද විශේෂත්වයක්.
 
ඉන්දීය කණ්ඩායමට තරගාවලි ජයක් හිමිකර දෙමින් අවසන් වූ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ අවසන් තරගයේදී අභිෂේක් ශර්මා ලකුණු 34 ක් රැස්කළා.
 
එමෙන්ම 2025 කැලැන්ඩර් වර්ෂයේදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වන්නේ ද ඔහුයි.

Share This Post

Post a comment

Trending Articles

General
Read More
General (2)
Read More
south-africa-have-had-some-thumping-defeats-in-t20is-and-odis-in-the-last-two-months
Read More