Where the Life Meets Cricket

info@cricketlk.com

"මට හිතෙනවා නායිකාවක් හැටියට මම අසාර්ථකයි"

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි මෙවර T20 ලෝක කුසලානයේ ශ්රී ලංකාවට ඉතාමත් තීරණාත්මක වූ තරගය පරාජය වීමෙන් පසුව, ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය ක්රීඩා දිවියේ වඩාත්ම හැඟීම්බර සහ හදවතට දැනෙන අදහස් පළ කිරීමක් සිදු කළා.
 
චමරි පැවසුවේ කණ්ඩායමක් ලෙස ඔවුන් ඉතා විශාල අවස්ථාවක් අහිමි කරගත් බවයි.
 
“බැට්ස්මන්ලාගේ වගකීම තමයි ලකුණු ගහන එක. මේ වගේ ලකුණු ප්රමාණයක් Board එකට දාලා බෝලර්ස්ලාට Defend කරන්න කියන්න බෑ” යැයි ඇය කියා සිටියා.
 
“අපි ලකුණු 130ක් ගත්තා නම් තරගයේ තීරණය මීට වඩා වෙනස් වෙන්න තිබුණා” ඇය පැහැදිලි කළා.
 
“මම අවුරුදු 18ක් වගේ ජාතික කණ්ඩායමට ක්රීඩා කළා. මට කවදාවත් මගේ කණ්ඩායම ලෝක කුසලානයක Semi Final එකකට ගෙනියන්න බැරිවුණා. මම පෞද්ගලිකව කොච්චර දේවල් Achieve කරලා තිබ්බත්, මට හිතෙනවා නායිකාවක් හැටියට මම අසාර්ථකයි කියලා.”
 
එමෙන්ම ඇය පැවසුවේ තමන් මීට වඩා වගකීමෙන් ක්රීඩා කළා නම් තරගය වෙනස් කරන්න තමන්ට අවස්ථාව තිබූ බවයි. එය ඇයට දැඩි පසුතැවීමක් බවත්, තමන් කණ්ඩායමේ නායිකාවක් ලෙසත්, අත්දැකීම් ඇති ක්රීඩිකාවක් ලෙසත්, පිතිකාරියක් ලෙසත් වැඩි වගකීමක් දැරිය යුතුව තිබූ බවත් ඇය අවංකව පිළිගත්තා.
 
“ගොඩක් කණගාටුයි. මොකද අවසාන වතාවටත් මට තිබුණු අවස්ථාව නැතිවුණා කියන දේ තමයි මට කියන්න තියෙන්නේ.”
ඇයගේ වචන අතරින් වඩාත්ම හදවතට වැදුණේ චමරි සිය ඉදිරි ක්රීඩා ජීවිතය ගැන ඉතා සංවේදීව කළ ප්රකාශයයි.
 
“මට දැන් වයස අවුරුදු 36ක්. Fitness සහ Performance මත තමයි ඉදිරිය තීරණය වෙන්නේ. මම උපරිම උත්සාහ කරනවා මගේ Fitness සහ දක්ෂතා ඉහළ මට්ටමේ තියාගන්න. කණ්ඩායමට අවශ්ය වුණොත් මම ඉදිරියටත් ක්රීඩා කරනවා.”
 
එය සමුගැනීමේ සංඥාවක්ද? නැත්නම් තවත් සටනකට පෙර ඇති නිහඬ මොහොතක්ද? ඒ පිළිතුර තවම කාලය අතේ තිබෙනවා. 💔

Share This Post

Post a comment

One Response

  1. You could play for another 3-4 years without any issue. Keep fit .currently we can’t see a replacement.
    Try to win the rest of the matches with good margins.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *