Where the Life Meets Cricket

info@cricketlk.com

බංගලි ජයත් සමග අලුත් වූ වාර්තා

ඔස්ට්රේලියානු භූමියේදී ඔස්ට්රේලියාව ටෙස්ට් තරගයකින් පරාජය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.
 
ශ්රී ලංකාවටත් තවමත් ඔස්ට්රේලියානු භූමියේදී එවැනි ටෙස්ට් ජයක් වාර්තා කරන්න හැකිවී නැහැ.
 
ඒත් අද බංග්ලාදේශය ඉතිහාසයේ පළමු වරට ඔස්ට්රේලියානු භූමියේදී කැන්ගරුවන් පරාජයට පත් කරමින් දැවැන්ත ඉතිහාසගත ජයක් වාර්තා කළා. 🔥🇧🇩
 
විශේෂත්වය වන්නේ බංග්ලාදේශයට ඔස්ට්රේලියාවේදී ටෙස්ට් තරගයක් ක්රීඩා කිරීමට නැවත අවස්ථාව ලැබුණේ වසර 23කට පසුව වීමයි.
 
මීට පෙර ඔවුන් ඔස්ට්රේලියානු භූමියේදී ටෙස්ට් තරග 2ක් පමණක් ක්රීඩා කර තිබූ අතර, අද ලැබූ ජයත් සමඟ ඔස්ට්රේලියාවේදී පළමු ටෙස්ට් ජය ලබා ගැනීමට සම දෙවැනි අඩුම ටෙස්ට් තරග සංඛ්යාවක් ක්රීඩා කළ සංචාරක කණ්ඩායමක් ලෙස බංග්ලාදේශය ඉතිහාසයට එක්වෙයි. 👏
 
📊 ඔස්ට්රේලියාවේදී පළමු ටෙස්ට් ජය ලබා ගැනීමට ක්රීඩා කළ තරග ගණන
🇬🇧 ENG – 2
🇿🇦 SA – 3
🇧🇩 BAN – 3
🇯🇲 WI – 5
🇵🇰 PAK – 7
🇳🇿 NZ – 7
🇮🇳 IND – 12

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *