Where the Life Meets Cricket

info@cricketlk.com

ප්‍රභාත් ජයසූරියට ICCයෙන් දඬුවමක්!

ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා දඟපන්දු යවන ක්රීඩක ප්රභාත් ජයසූරිය ICC ආචාරධර්ම පද්ධතියේ Article 2.2 උල්ලංඝනය කිරීම හේතුවෙන් නිල වශයෙන් අවවාද කර තිබෙනවා. ඒ සමඟ ඔහුට එක් demerit point එකක්ද ලබාදී තිබෙනවා.

🏏 සිදුවීම සිදුවුණේ දෙවැනි දිනයේ අවසන් පන්දුවෙන් දැවී යාමෙන් පසුවයි. ක්රීඩාගාරය වෙත යමින් සිටියදී ජයසූරිය සිය පිත්තෙන් boundary wedges වලට පහර දී තිබෙනවා.

⚠️ ICC Article 2.2 යටතේ මෙය ජාත්යන්තර තරගයකදී ක්රීඩා උපකරණ හෝ ක්රීඩාංගණයේ උපකරණ/ස්ථාවර ව්යුහයන් අනිසි ලෙස භාවිත කිරීමක් ලෙස සැලකෙනවා.

ජයසූරිය වරද පිළිගෙන ICC තරග තීරක Andy Pycroft විසින් යෝජනා කළ දඬුවම පිළිගෙන ඇති නිසා මේ සම්බන්ධයෙන් විධිමත් විභාගයක් පැවැත්වීමට අවශ්ය වී නැහැ. මෙය පසුගිය මාස 24 තුළ ඔහුට ලැබුණු පළමු demerit point එකයි.

😬 මේ අනුව කොළඹ ටෙස්ට් තරගයේ ICC දඬුවම් ලැබූ තුන්වැනි ක්රීඩකයා බවටත් ප්රභාත් ජයසූරිය පත්වනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *