Where the Life Meets Cricket

info@cricketlk.com

වසර 23 ක ශාපය හෙට අලුයම අවසන් වෙයිද ?

ජාත්යන්තර එක්දින ක්රිකට් තරගාවලි ඉතිහාසය තුළ ශ්රී ලංකා කණ්ඩායම අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී ද්වීපාර්ශවික එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ 2003 වසරේදියි.
 
එහිදී මාවන් අතපත්තු ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා තරග 2 -1 ක් ලෙස තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය ජයගත්තා.
 
ශ්රී ලංකා කණ්ඩායම අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී ද්වීපාර්ශවික එක්දින තරගාවලියක් සඳහා ක්රීඩාකළේ 2021 වසරේදීයි.
 
එහිදී දිමුත් කරුණාරත්න ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග 3 – 0 ක් ලෙස පූර්ණ එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට කේරන් පොලාඩ් ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකිවුණා.
 
ශ්රී ලංකා කණ්ඩායම වසර 23 කින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී ද්වීපාර්ශවික එක්දින තරගාවලියක් ජයගෙන නොමැති අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පූර්ණ එක්දින තරගාවලි ජයක් මෙතෙක් වාර්තා කර නැහැ.
 
තරග 03 කින් සමන්විත ශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය හෙට (07) ශ්රී ලංකා වේලාවෙන් අළුයම 1.00 ට කිංග්ස්ටන් හීදී ආරම්භ වනවා.
 
කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායමට මෙම වාර්තාව අලුත් කිරීමට මෙම තරගාවලියේ දී හොඳ අවස්ථාවක් තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Reply

Your email address will not be published. Required fields are marked *