Where the Life Meets Cricket

info@cricketlk.com

ඇෆ්ඝනිස්තාන වේගපන්දු යවන්නෙකු දිවි ගමන නිමා කරයි

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වමත් වේගපන්දු යවන්නෙකු වූ ශාපූර් සඩ්රාන් අද සිය දිවි ගමන නිමා කර තිබෙනවා. 
 
දිගු කලක් රෝගාතුරුව සිටි ශාපූර් සඩ්රාන් ඉන්දියාවේ රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද මිය ගියා.
 
ඔහුගේ 39 වන උපන්දිනය යෙදී තිබුණේ හෙට දිනයටයි (ජූලි 08).
 
ශාපූර් සඩ්රාන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරඟ 44 දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියෝජනය කරමින් බිඳ දමා තිබූ කඩුලු ප්රමාණය 43 ක්. (හොඳම පන්දු යැවීම 4/24).
 
මීට අමතරව ඔහු T20 ජාත්යන්තර ක්රිකට් තරග 36 කදී බිඳ දමා තියෙන කඩුලු ප්රමාණය 37 ක්. (හොඳම පන්දු යැවීම 3/40).
 
ෂාපූර්, ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ලෝකයේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත් කිරීමට විශාල දායකත්වයක් දුන් ක්රීඩකයෙක්…
 
ඔබට නිවන් සුව… 💔

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *