Where the Life Meets Cricket

info@cricketlk.com

U19 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකුගෙන් ලෝක වාර්තාවක්

ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපානයට එරෙහි තරගයේදී ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගලය වන දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත සමත් වුණා.
 
ඒ යොවුන් එක්දින ක්‍රිකට් තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගනිමිනි.
 
එහිදී ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 328 ක ලකුණු සබඳතාවයක් ගොඩනැගුවා.
 
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 387 ක් රැස්කළා.
 
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ විරාන් චමුදිත ලකුණු 192 ක් සහ ඩිමන්ත මහව්තාන ලකුණු 115 ක් රැස්කළා.
 
ඔවුන් මෙලෙස බිඳ දැමුවේ එංගලන්ත ක්‍රීඩකයන් දෙපළක් වන ඩෑන් ලෝරන්ස් සහ ජැක් බර්න්හැම් ෆීජි කණ්ඩායමට එරෙහිව තබා තිබූ වාර්තාවකි.
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *