දකුණු අප්‍රිකා පිතිකරු ඩේවිඩ් මිලර් සැක සහිත ආබාධ තත්වයකට (Groin Injury) ගොදුරු වී තිබෙනවා.
ඒ ඊයේ SA20 තරගාවලියට සමගාමීව ඊයේ පැවති Joburg Super Kings කණ්ඩායමට එරෙහි තරගයේදීයි.
එම තරගයේ 16 වන පන්දු වාරයේ පන්දු රැකීමේ නිරතවෙමින් සිටි මිලර් එහිදී මෙම ආබාධයට ගොදුරු වී තිබුණා.
ඒ හේතුවෙන් ඔහු පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණියේ ද නැහැ.
ඔහුගේ ආබාධයේ ස්වභාවය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නොදන්නා බවටයි මාධ්‍ය වාර්තා පළ වූයේ.
මීට පෙර ලෝක කුසලාන සංචිතයේ සිටින ඩෙනොවන් ෆෙරෙයිරා ද SA20 තරගාවලිය අතරතුරදී උරහිසේ අස්ථි බිඳීමකට ලක්වුණා.
එමෙන්ම, ටෝනි ද සෝර්සි ද පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ආබාධයකට ලක්වූ අතර ඔහු මේ වනවිට ඉන් සුවය ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.