Where the Life Meets Cricket

info@cricketlk.com

T20 වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් – ක්‍රීඩා භූමියට මත්පැන් තහනම්

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි.

ඒ අනුව හෙට (7) සිට මාර්තු 8 දක්වා වූ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකය.

මෙම කාලසීමාව තුළ ඉහත ක්‍රීඩාංගණයන්හි පැවැත්වෙන තරග නැරඹීම සඳහා දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් එම තරග පැවැත්වෙන දිනයන්ට අදාළව මෙය ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය සැලසුම් කර ඇත.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

එමෙන්ම පහත කරුණු කෙරෙහිද අවධානය යොමු කරන ලෙස ඔවුන් මහජනතාවට දැනුම්දී සිටී.

ඒ අනුව ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භූමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන පැමිණීම තහනම් කර ඇත.

එමෙන්ම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන්ද සේවයේ යොදවා ඇති බව පොලීසිය පවසයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More