Where the Life Meets Cricket

info@cricketlk.com

T20 ලෝක කුසලානය හෙට දිවයිනට

2026 වසරේ පැවැත්වීමට නියමිත ICC විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලොව පුරා සංචාරය කරන ලෝක කුසලාන කුසලානය හෙට (21) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතයි.
 
ඒ අනුව, ජනවාරි 21 සිට 24 දක්වා දින හතරක් පුරා මෙම කුසලානය දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
 
එමෙන්ම, මෙම කුසලාන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
 
2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරනු ලබනවා.
 
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම කුසලානය දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන අතර, පසුව මහනුවර, දඹුල්ල සහ යාපනය යන ප්‍රධාන නගර කරා ද මෙම කුසලානය රැගෙන යාමට නියමිතයි. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *