මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “තරගාවලියේ වීරයා” (Man of The Series) සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකු ඇතුළත් වී තිබීම ද විශේෂත්වයක්.
තරගාවලිය තුළ සමස්තයක් ලෙස මෙම ක්‍රීඩකයින් දැක්වූ කැපීපෙනෙන දක්ෂතා මත පදනම්වයි මෙම නාමකරණය සිදුකර ඇත්තේ.
කෙසේවෙතත්, ඊට මෙවර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.
නිර්දේශ වූ ක්‍රීඩකයන් ලැයිස්තුව පහතින් -:
විල් ජැක්ස් – එංගලන්තය
ශහිබ්සාඩා ෆර්හාන් – පකිස්ථානය
රචින් රවින්ද්‍රා – නවසීලන්තය
ඒඩ්න් මාක්රම් – දකුණු අප්‍රිකාව
Lungi Ngidi – දකුණු අප්‍රිකාව
ටිම් සයිෆර්ට් – නවසීලන්තය
සංජු සැම්සන් – ඉන්දියාව
Shadley Van Schalkwyk – අමෙරිකා එක්සත් ජනපදය