මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත පදනම්ව එක් එක් කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, තරගාවලියේ ශූරයන් වූ ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 2,639,423 ක මුදලක් හිමිවුණා.
අනුශූරයන් වූ නවසීලන්තයට හිමිවූ මුදල අමෙරිකානු ඩොලර් 1,422,692 ක්.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් $475,962 මුදලක් හිමිවූ අතර එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු. 148,091,625.82 පමණ වනවා.
මෙවර තරගාවලියේදී එක් එක් රටවල හිමිවූ ත්‍යාග මුදල් මෙසේයි. -:
- ඉන්දියාව – $2,639,423
- නවසීලන්තය – $1,422,692
- දකුණු අප්‍රිකාව – $1,005,577
- එංගලන්තය – $974,423
- බ.ඉ. කොදෙව් – $538,269
- පකිස්ථානය – $522,692
- සිම්බාබ්වේ – $491,538
- ශ්‍රී ලංකාව – $475,962
- ඇෆ්ඝනිස්ථානය – $309,808
- ඔස්ට්‍රේලියාව – $309,808
- අමෙරිකාව – $309,808
- ස්කොට්ලන්තය – $278,654
- අයර්ලන්තය – $271,731
- ඉතාලිය – $256,154
- නෙදර්ලන්තය – $256,154
- එක්සත් අරාබි එමීර් – $256,154
- නේපාලය – $256,154
- කැනඩාව – $225,000
- නැමීබියාව – $225,000
- ඕමානය – $225,000