Where the Life Meets Cricket

info@cricketlk.com

T20 ලෝක කුසලානයට ලසිත් මාලිංගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ?

ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පුහුණුකාර කණ්ඩායමට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගද එක්වීමට නියමිත බවට වාර්තා පළවනවා.

 

ඒ තාවකාලික පදනමක් යටතේයි.

 

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කරනු ලැබුවා.

 

එළඹෙන 2026 T20 ලෝක කුසලානයේ මූලික තරඟ සඳහා කණ්ඩායම් 20ක් තරග වැදීම සඳහා සුදුසුකම් හිමිකරගෙන තිබෙනවා.

 

සත්කාරක කණ්ඩායම් ලෙස, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනවා.

 

ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 2024 T20 ලෝක කුසලානය හරහා (Via T20 WC 2024) සුදුසුකම් හිමිකරගෙන තිබෙනවා.

 

තවද, ICC T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හරහා (Via ICC T20I Team Rankings) අයර්ලන්තය, නවසීලන්තය සහ පාකිස්ථානය යන කණ්ඩායම් සුදුසුකම් ලබා ඇති අතර, කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි හරහා (Via Regional Qualifiers) කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නේපාලය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නැමීබියාව, සිම්බාබ්වේ යන කණ්ඩායම් සුදුසුකම් හිමිකරගත්තා.

 

ඒ අනුව, එළඹෙන 2026 T20 ලෝක කුසලානයේ මූලික තරඟ සඳහා කණ්ඩායම් 20ක් තරග වැදීම සඳහා සුදුසුකම් හිමිකරගෙන තිබෙනවා.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *